පුවත්

ISIS බවට සැක ලාංකිකයින් මෙහෙයවූ බව කියන පුද්ගලයා CID අත්අඩංගුවට

Published

on

ISIS සංවිධානය සමග සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹදී කළ මෙහෙයුමකදී ය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ,  ඔස්මන් පුෂ්පරාජ් නැමැති අයෙකි.

46 හැවිරිදි එම පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මොහු මෙරට සිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් මෙහෙයවා ඇති බව ආරක්ෂක අංශ සැක කරයි. 

ඔස්මන් පුෂ්පරාජ්ගේ බාල සහෝදරයින් දෙදෙනෙකු ද පසුගියදා බංගදෙනිය ප්‍රදේශයේදී ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. 

ISIS ත්‍රස්තවාදීන් බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු පසුගිය 20 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොලේදී ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය‍.

ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා මහජන සහය අපේක්ෂා කළ අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20 ක් ලබා දෙන බව ද ප්‍රකාශ කළේ ය. 

Trending

Exit mobile version