Connect with us

පුවත්

ITN ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයට විරුද්ධව සේවකයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට !

Published

on

ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) මේ වන විට ක්‍රියාත්මක වන ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම පැතීමට නියමිත බව ‘ඩේලි මිරර්’ වාර්තා කර ඇත.

යෝජිත විශ්‍රාම ක්‍රමයේ අක්‍රමිකතා කිහිපයක් දැනටමත් ඒ සඳහා ඉල්ලුම් කර ඇති, සුදුසුකම් ලත් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බලපා ඇති බව ITN හි අගතියට පත් කාර්ය මණ්ඩල සාමාජිකයන් පවසා තිබේ.

යෝජිත ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය මෙම වසරේ ජූනි 13 වැනිදා නිකුත් කරන ලද ආයතනික චක්‍රලේඛයක් (ITN/1551) මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන් 113 දෙනෙකු මෙම යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අතරින් 79 දෙනෙකුගේ නම් මුලින් අනුමත කර ඇති අතර, එම අයැදුම්පත් වලට ඔවුන්ගේ ඒකක වල බලය ලත් ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් ගේ අනුමැතියද හිමිවී ඇත. 

කෙසේවෙතත්, පසුව එම ලැයිස්තුවේ 06 දෙනෙකුගේ නම් කපා දමා ඇති බව පැවසේ.

මෙම ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය යටතේ, ඉන් 30 දෙනෙකුගේ සේවය දෙසැම්බර් 15 වැනිදා සිට අත්හිටුවා ඇත්තේ වන්දි ගෙවීමටද පෙරාතුව බවද වාර්තා වේ.

මෙම විශ්‍රාම ක්‍රමය මගින් අගතියට පත් කාර්ය මණ්ඩල සාමාජිකයන් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති අතර, මේ සම්බන්ධ පළමු පරීක්ෂණය ඔක්තෝබර් 17 වැනිදා නැගෙනහිර කොළඹ සහකාර කම්කරු කොමසාරිස්වරයා හමුවේ පවත්වා ඇත.

මේ අතර, මෙම විශ්‍රාම ක්‍රමයට සුදුසුකම් නොලත් සේවකයන් පෙන්වා දී ඇත්තේ, දීර්ඝ කාලීනව සේවයේ නිරත වූ අයැදුම්කරුවන්ට සාපේක්ෂව කෙටි සේවා කාලයක් සහිත සේවකයන්ගේ අයදුම්පත් අනුමත කර ඇති බවයි. 

තවද, නියමිත වයස් සීමාව වන අවුරුදු 50 ඉක්මවූ සේවක සේවිකාවන් අනුමත කිරීම සහ භාර ගත් අයැදුම්පත් සඳහා දර්ශක අංක නිකුත් නොකිරීම වැනි ගැටළුද පැණනැගී ඇති බව වාර්තා වේ.

එසේම, පසුගිය වසරේ වැටුප් රහිතව විදේශ රැකියා සඳහා ITN හැර ගිය සේවකයන් කිහිප දෙනෙකුට ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය යටතේ වන්දි අනුමත කිරීම සහ ඇතැම් අනිවාර්ය ඒකකවල එකම නිලය දරන සේවකයින්ට පවා  විශ්‍රාම ක්‍රමය ලබාදීම බරපතල අක්‍රමිකතා වේ.

මෙම විශ්‍රාම ක්‍රමයට තෝරා ගැනීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු වුවද, එම ක්‍රියාව සිදු කරන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් තිදෙනෙකු පමණක් බව අගතියට පත් සේවකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් ITN සභාපති – සුදර්ශන ගුණවර්ධන මහතා සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ මෙම විශ්‍රාම ක්‍රමය 2016 නිකුත් කළ රජයේ චක්‍රලේඛය අනුව සිදුකරගෙන යන බවයි.

අගතියට පත්වූ පාර්ශව වලින් මේ වන විටත් අභියාචන ඉදිරිපත් කර ඇති බවත්, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අභියාචන මණ්ඩලයක් පත්කර ඇති බවත් ගුණවර්ධන මහතා පවසා ඇත.

(මූලාශ්‍රය : ඩේලිමිරර්)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved