Connect with us

පුවත්

JDS ශිෂ්‍යත්වලාභීන් 17ක් මේ මස ජපානයට

Published

on

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව [Japanese Grant Aid for Human Resources Development Scholarship (JDS) ] ව්‍යාපෘතිය යටතේ මෙම මස ජපානයට පිටත්ව යාමට නියමිත JDS ශිෂ්‍යත්වලාභීන් 17 දෙනෙකු සඳහා ඊයේ (08) උත්සවයක් පැවැත්වූ අතර, සිය හෘදයාංගම සුබ පැතුම් ඔවුන් වෙත පිරිනැමීය.

මේ සම්බන්ධයෙන් ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ :

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) වැඩසටහන, මානව සම්පත් සංවර්ධනය තුළින් රටක උසස් තත්ත්වයේ වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන නිල සංවර්ධන ආධාර [Official Development Assistance (ODA) ] වැඩසටහනකි. එහි එක් ප්‍රධාන අරමුණක් වන්නේ අනාගතයේ දී නායකත්ව තනතුරු දැරීමට අපේක්ෂා කරන තරුණ පරිපාලන නිලධාරීන් ජපන් උපාධි පාසල් වලින් සුදුසුකම් ලබා ආපසු මව් රටට පැමිණි පසු ජාත්‍යන්තර සුදුසුකම් ලැබූ සිසුන් ලෙස පිළිගැනීමයි. ඒ මගින් ජපානයේ දී ඔවුන් ලබා ගන්නා ලද විශේෂිත දැනුම ඔවුන් මව් රටට පැමිණි පසු මෙරට සමාජ හා ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන ලෙස කටයුතු කිරීමයි.

JDS සාමාජිකයින් ජපානය සමඟ තවදුරටත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා අඩිතාලම ඇති කිරීමටත්, ජපානයේ සිටියදී අධ්‍යයන හා සමාජීය ක්‍රියාකාරකම් තුළින් වර්ධනය වූ ඔවුන්ගේ මානව ජාලය උපයෝගී කර ගනිමින් දෙරට අතර සහෝදරත්වයේ පාලමක් ලෙස සාර්ථකව කටයුතු කිරීමත් මෙමගින් තවදුරටත් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 17 දෙනෙකු මේ වසරේ සිට වසර දෙකේ සිට තුන දක්වා ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධියක් හැදෑරීම පිණිස යොමු කරවනු ලැබේ. ඔවුන්ගේ උපාධි ක්ෂේත්‍ර රාජ්‍ය ප්‍රතිපත්ති, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති, ආයෝජන ප්‍රවර්ධනය සහ නාගරික හා ප්‍රාදේශීය සංවර්ධනය යන මානයන් ආවරණය කරයි.

2009 වසරේ ආරම්භයේ සිට, JDS ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 205 දෙනෙකුට සහාය වී ඇත. මෙම ව්‍යාපෘතිය පුද්ගල ධාරිතාවයන් ඉහළ නැංවීමට පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩි දියුණු කිරීමට ද දායක වන අතර, එමගින් වත්මන් ආර්ථික දුෂ්කරතා හා සම්බන්ධ විවිධ ගැටළු මඟ හරවා ගැනීමට සහ අනාගතයේ දී ශ්‍රී ලංකාවට සමෘද්ධිය ළඟා කර ගැනීමට උපකාරී වේ.

JDS ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීමට අපේක්ෂාවෙන් සිටින, ආපසු පැමිණි JDS සාමාජිකයින් 22 දෙනෙකුගේ උද්යෝගිමත් සහභාගීත්වයෙන් පූර්ව ආදි ශිෂ්‍ය හමුවක් ලෙස ද මෙම උත්සව අවස්ථාව පැවැත්විණි. වර්තමානයේ මුහුණ දෙන සංකීර්ණ හා දුෂ්කර ගැටලු මඟ හරවා ගැනීමට නම් අදාළ අමාත්‍යාංශ එකිනෙකා හා සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ තානාපති මිසුකොෂි මහතා සාමාජිකයින් විසින් ම ආදි ශිෂ්‍ය රැස්වීම් සංවිධානය කිරීම සහ ජපානයෙන් ලබාගත් දැනුම බෙදා ගැනීම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වේගවත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බවට සිය අවංක විශ්වාසය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ආදායම් හා වියදම් ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ව්‍යවසාය මෙන් ම දූෂණය පිටුදැකීම වැනි විවිධ ප්‍රයත්නයන් වර්තමානයේ සිදු කෙරේ. එසේම, ජපාන විදේශ අමාත්‍ය ගරු හයෂි මහතා සහ ගරු. අග්‍රාමාත්‍ය ගුණවර්ධන මැතිතුමාගේ ගෞරවනීය හමුවීමේ අවස්ථාවේදී ලබන වසරේ JDS වැඩසටහන සඳහා මුදල් හුවමාරු පත්‍ර අත්සන් කිරීමේ උත්සවය පසුගිය ජූලි 29 වැනිදා අරලියගහ මන්දිරයේදී, ගරු විදේශ අමාත්‍යතුමාගේ සහ ගරු. අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි. JDS වැඩසටහනේ වැදගත්කම හුවා දක්වන අගමැතිතුමා සහ ජපාන විදේශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ, 2023 වසර JDS වැඩසටහන සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ පුනර්ජීවනය ආරම්භ කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved