පුවත්

JICA ආධාරයෙන් රූපවාහිනි විකාශන ඩිජිටල්කරණයට

Published

on

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹන්නට තීරණය කර තිබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (01)ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව පැවසේ.

ජයිකා (JICA) ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට ඉකුත්දා ජපාන තානාපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා හමුවූ අවස්ථාවේ දී සාකච්ඡා කෙරුණු අතර එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අද පැවති සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් කට්සුහිරෝ සුසුකි (KATSUHIRO SUZUKI) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වු බව සඳහන්ය.

Trending

Exit mobile version