Connect with us

පුවත්

JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා

Published

on

කොවිඩ් සෞඛ්‍ය පිළිවෙත් යළි පිළිපදින්න

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසීය.

මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොවිඩ් අර්බුදයෙන් පසුව ඇති වූ රටේ ආර්ථික කඩාවැටීම හමුවේ යම් යම් ඖෂධවල හිඟයක් මතුව තිබුණා.

මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කිරීමේ අරමුණින් එම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන අතර ඒ සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි පරිගණක අංශවල සහය ලබා ගැනීම සිදු වෙනවා. මේ අනුව ඉදිරියේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු  ඩිජිටල්කරණය තුළින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.
ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පර්යේෂණාගාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැය තුළින් වෙන් කර දී තිබෙනවා. එහි ධාරිතාව, මානව සම්පත මෙන්ම ව්‍යාහුහාත්මක වෙනස්කම් සිදුකිරීමට මේ වසරේ හැකියාව ලැබෙනු ඇතියි.

එසේම ‌අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග 850ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. එම ඖෂධ අතරින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ සියල්ලම අප සතුව පවතිනවා. අක්ෂි කාච, හෘද රෝගීන්ට අවශ්‍ය සැත්කම් උපකරණ (ස්ටෙන්ස්), විකලාංග ශල්‍යකර්ම උපකරණ ඇතුළු අනිකුත් උපකරණ සම්බන්ධවත් අප එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පසුගිය වසරේ ඩෙංගු රෝගයෙන් මරණ 50ක් පමණ වාර්තා වී තිබෙනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට තනිවම කරන්න බැහැ. සමස්ත සමාජයේම සහාය ඒ සඳහා හිමිවිය යුතුයි.

ඒ වගේම ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින්  පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. හැකි සෑම අවස්ථාවකම තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම තුළින් ඩෙංගු රෝගය පාලනය කළ හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් පසුගිය වසරේ සරම්ප රෝගීන් 700ක් පමණ වාර්තා වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස දෙවැනි සතියේ සිට දිවයින පුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. සරම්ප රෝගයෙන් වැළකීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති කරන එම එන්නත තම දරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස මම සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙනුත් මේ දිනවල සමාජයේ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට මේ සම්බන්ධව කිසිවෙකු අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව මේ පිළිබඳව පසු විපරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහාය ඇතිව මේ සම්බන්ධව දීර්ඝ නියැඳි පරීක්ෂාවන් සිදුකිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් ඉන්දියාවෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී නැහැ. නමුත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved