පුවත්

LRC ඉඩම්වල හැදූ පූජනීය ස්ථාන 293ක හිමිකම් නෑ

Published

on

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් භූමිවල ඉදිකර ඇති පුජනීය ස්ථාන 368ක් පිළිබඳව වාර්තා වන බවත්  ඉන් හිමිකම් තහවුරු කර ගැනීමට හැකි වී ඇත්තේ පුජනීය ස්ථාන 75ක පමණක් බවත් අනාවරණය වෙයි.

පන්සල් 325ක්, කෝවිල් 34ක්, පල්ලි 08ක් සහ එක් ක්‍රිස්තියානි දේවස්ථානයක් එම පූජනීය ස්ථාන 368 අතර‌ට අයත් වේ.

එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහතා පැවසුවේ කොමිෂන් සභාවට අයත් අක්කර 700ක පමණ  ඉඩම් ප්‍රමාණයක පුජනීය ස්ථාන ඉදිකර ඇති නමුත් වසර 10කට අධික කාලයක සිට පුජනීය ස්ථාන 293ක් සම්බන්ධයෙන්  හිමිකම් තහවුරු කර ගැනීමට නොහැකි  වී ඇති බවයි.

අදාළ භූමිවල තොරතුරු සොයා ගැනීමේදී විවිධ බාධා මතු වූ නිසා මේවායේ හිමිකම තහවුරු කිරීමට මෙතරම් කාලයක් ගත වී ඇති බව සභාපතිවරයා දුරටත්  සඳහන් කළේය.

ඉන් හිමිකම් තහවුරු කර නොමැති මෙම පූජනීය ස්ථාන 293ට අයත් භුමිවල මැනුම් කටයුතු සිදු කර ඊට අදාළ නිරවුල් ඔප්පු කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහතා  ප්‍රකාශ කර සිටියේය .

Trending

Exit mobile version