පුවත්

MH17 යානය බිම හෙළීම ගැන 3ක් වරදකරුවන් වෙයි

Published

on

2014 වසරේ නැගෙනහිර යුක්රේනයට ඉහළින් ගමන් කළ MH17 මගී ජෙට් යානයකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයන් 298 දෙනෙකුට මරු කැඳවූ පුද්ගලයන් තිදෙනෙකු මිනීමැරුම් චෝදනාවට වැරදිකරුවන් බව නෙදර්ලන්ත අධිකරණයක් විසින් තීන්දු කර තිබේ.

රුසියාවෙන් සපයන ලද එරට නිෂ්පාදිත මිසයිලයක්, රුසියානු පාලනය යටතේ සිටි සන්නද්ධ කණ්ඩායමක් විසින් MH17 මගී යානයට එල්ල කර ඇති බව අධිකරණයේදී හෙළි විය.

මෙලෙස වරදකරුවන් වූයේ රුසියානු ජාතිකයන් දෙදෙනෙකු හා එක් යුක්‍රේන් ජාතිකයෙකි. තවත් රුසියානු ජාතිකයෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

Trending

Exit mobile version