Connect with us

පුවත්

දරුවන්ට වධ දුන් විදුහල්පතිනිය හා පොලිසියේ දෙදෙනෙකු රිමාන්ඩ්

Published

on

බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යැයි චෝදනා කරමින් 05 වසර පංතියේ ඉගෙනුම ලබන සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහරදී කෘරත්වයට පත් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ පාසලේ ගුරුවරියක සහ මිල්ලනිය පොලීසියේ රියදුරා ඇප මත මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබුණි.

එහිදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනී… සැකකාර විදුහල්පතිවරිය සහ නියෝජ්‍ය විදුහල්පතිවරිය දරුවන් කිහිපදෙනෙකු පුස්තකාල ශාලාවට රැගෙනගොස් දණගස්වා ඔවුන්ගේ පාදවලට හා විලුඹට වේවැල්වලින් සහ ලී පතුරුවලින් පහර දී තිබෙනවා. පසුව පොලිස් ජීප් රථයක් පාසල තුළට ගෙන්වාගෙන පොලීසියට භාරදී තිබෙනවා. ජීප් රථයේ සිටි සැකකාර පොලිස් නිලධාරීන් ජීප් රථයේ තිබෙන “වෝකිටෝකි’ යන්ත්‍රවලට විදුලිය සපයන විදුලි රැහැන්වලින් අදාළ දරුවන්ගේ දණිස් පුළුස්සා තිබෙනවා. පසුව මුදල් පසුම්බිය පෙන්වීමට යැයි පවසමින් අදාළ දරුවන් පාසල අසල තිබෙන කැලෑ ප්‍රදේශයට ගෙනගොස් සැකකාර පොලිස් නිලධාරීන් විසින් පුවක් මල්වලින් අදාළ දරුවන්ට පහරදී තිබෙනවා. මෙම පහර කෑම නිසා අසාධ්‍ය වූ දරුවෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.”

වැඩිදුරටත් කරුණු දැක්වූ එම අධිකාරියේ නිලධාරීන් මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති බව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද කමිටුවක් පත් කළේය.

අදාළ පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු සහ පාසල අයත් මිල්ලනිය පොලිස්බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම ළමුන්ට පහර දී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබුණි.

සොරකමක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් කිහිපදෙනෙකු එම ළමුන්ට පහරදී ඇති අතර පසුව මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කැඳවා ළමුන් එම නිලධාරීන්ට භාරදී වධ හිංසා පමුණුවා ඇති බව අනාවරණය විය.

එහිදී පොලිස් නිලධාරින් අදාළ ළමුන් පිරිසට අමානුෂික ලෙස පහර දී ඇති අතර එක් සිසුවෙකු නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද වාර්තා විය.

(අදදෙරණ)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved