Connect with us

පුවත්

Mr.කොත්තුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිල්ලක්

Published

on

කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු මන්ත්‍රීවරයකු වන ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) විසින් තමාට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් කර අපහසුතාවයට පත් කළ බව කියමින් සමාජ  ක්‍රියාකාරියකු බව පැවසෙන විමුක්ති රණසිංහ නැමැත්තා විසින් මහරගම පොලිසියට ඊයේ (13) පැමිණිල්ලක් කර තිබේ.

විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) බොරු රඟපෑමක් සිදුකරමින් තමන් විසින් රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලූ බවට සඳහන් කරමින් පොලිසියට බොරු පැමිණිල්ලක් කර තමාව පොලිස් අත්අඩංගුවට පත්කර අපහසුතාවයට පත් කළ බව කියමින් විමුක්ති රණසිංහ මේ පැමිණිල්ල කර තිබේ.

පැමිණිලි රිසිට්පත පහත දැක්වේ.

විමුක්ති සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ විරාජ් නම් තැනැත්තාගේ දේශපාලනික ක්‍රියාකාරකම් වලට අදාලව යම් හෙලිදරව් කිරීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බවයි.

ඉන් පසුව අගෝස්තු 11 දින සවස 4 ට පමණ විරාජ් නමැත්තා විමුක්ති පදිංචිව සිටින ග්‍රාමසේක වසම භාර ග්‍රාම නිලධාරියා සමඟ ඔහුගේ නිවසට පැමිණ අදාල සිදුවීම සමතයකට පත් කරගත් බවයි.

කෙසේවුවද, එසේ සිද්ධිය සමතයකට පත්කරගෙන සුළු වෙලාවකට පසුව විරාජ් නමැත්තා විමුක්තිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් “අනේ මල්ලි සල්ලි දෙන්නම් අයින් කරන්න” යැයි කියමින් ඔහුට කිසිවක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදී එම දුරකථන ඇමතුම තප්පර 23 කදී විසන්ධි කළ බවයි.

පසුව ඉකුත් 12 වැනිදා දහවල් සිය නිවසේදී මහරගම පොලිසිය මගින් තමාව අත් අඩංගුවට ගෙන සාපරාධී , කප්පම් ඉල්ලීම යන චෝදනා මත ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් ‍‍‍‍කළ බවත්, පසුව සිය නීතීඥයින් විසින් අධිකරණයේදී මෙය ව්‍යාජ පැමිණිල්ලක් බව දක්වමින් තමන්ට ඇප ලබාගත් බවයි.

මේ අතර, පසුගිය 10 වැනිදා ජාතික රූපවාහිනිිියේ නුග සෙවණ වැඩසටහන ඔස්සේ සේරාජ් වික්‍රමනායකගේ (Mr.කොත්තු) නිවසට ගොස් පැය 2ක සජීව වැඩසටහනක් කර තිබිණි.

සිද්ධියට අදාළව සාමාජ මාධ්‍යයේ පළව තිබූ සටහන් කිහිපයක් පහත දැක්වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved