Connect with us

පුවත්

MR කොත්තුගේ ගජබින්නය උසාවියේදී අතේ පත්තු වෙයි!

Published

on

MR කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කර තිබේ.

විමුක්ති රණසිංහ නමැත්තා තමාට තර්ජනය කර කප්පම් ඉල්ලූ බවට චෝදනා කරමින් MR කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක මහරගම පොලීසියට සිදු කළ පැමිණිල්ලක් අනුව මහරගම පොලීසිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

කෙසේවෙතත්,  වසරක කාලයක් ගත වී තිබුණත් විමුක්ති රණසිංහට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර නොතිබීම හේතුවෙන් ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීන්දු කලේය.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරිය සඳහන් කළේ මෙම චෝදනා සඳහා මුල් අවස්ථාවේදීම කිසිදු  සාක්ෂියක් නොතිබූ අතර පොලීසියට කළ බලපෑමක් හරහා මෙම නඩුකරය ගොනු කර ඇති  බවය.

මෙලෙස අසත්‍ය චෝදනා එල්ල කරමින් තමාගේ පෞද්ගලිකත්වයට සිදු කළ හානියට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව විමුක්ති රණසිංහ පවසයි.

“විරාජ් වික්‍රමනායකට විරුද්ධව මේ සමාජයේ කතිකාවක් ගියා ඔහු කළු සල්ලි සුදු කරනවා කියලා, ඉතාමත් කෙටි කලකින් මේ ව්‍යාපාරයක් වෙන්නේ කොහොමද කියලා කතාවක් ගියා, ඒ කතාබහ මමත් කතාබහ කරන්න පටන් ගත්තා, එතකොට   මෙ කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක, මම කතා කරන එක නවත්වන්න මට අසත්‍ය පැමිණීල්ලක් ගොනු කළා, ඒ අසත්‍ය පැමිණීල්ල ගොනු කරලා පැය කිහිපයක කාලයක් ඇතුළත මාව අත්අඩංගුවට අරගත්තා, නීතියේ අතුරු සිදුරු පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ දේශපාලන අභිමතයන් පෙන්නන්න උත්සාහ කළා. ඒ නඩුව අවුරුද්දක් දක්වා කාලයක් ඇදිලා ගියා. මම බලාපොරොත්තු වෙනවා මගේ චරිතයට වුණු හානියට…අනිවාර්යයෙන්ම අධිකරණයේ පිහිට පතනවා, හානි පූර්ණයක් ඉල්ලලා වන්දි නඩුවක් දානවා”

සබැඳි පුවත්

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved