Connect with us

පුවත්

MTFE ‌ලොක්කන්ට රටයාම තහනම් – එක ලොක්කෙකෙක්  අද උදේ ඩුබායි පැනලා

Published

on

පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් අද අලුයම ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බවටය.

පිරමීඩ චෝදනා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරන අතරම මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ද පරීක්ෂණයක් ආරම්භ කිරීම යෝග්‍ය බව පවසමින් මීට පෙර මහ බැංකුවෙන් ලිපියක් ද යොමුකර තිබුණි.

එහි දැක්වුණේද මෙම සමාගමේ උසස් නිලධාරීන් විදේශගතවීමේ හැකියාවක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් වළක්වමින් වාරණයක් ලබාගැනීම උචිත බවය.

MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා කතාබහක් නිර්මාණය වී තිබේ.

මහ බැංකුව පවසන්නේ එම සමාගම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු හෙළිවෙමින් ඇති බවය.

මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බවද මේ අතර වාර්තා වේ.

මේ අතර,  MTFE SL Group  ආයතනය 2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජි. සමාගම සමඟ ගිවිසුම් ගතව තිබූ අතර ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජර්සියේ මෙම සමාගමේ ලාංජනය මුද්‍රණය කිරීමටත් තරග පැවැත්වෙන ක්‍රීඩාං ගණවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් එම ආයතන කටයුතු කර තිබිණි.

සබැඳි පුවත්
ජැෆ්නා පිලට අනුග්‍රහය දැක්වූ MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved