Connect with us

පුවත්

MTFE හා සුභාෂ්කරන් අතර සම්බන්ධයක්?

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හිටපු ශූරයින් වන සුභාෂ්කරන් අලි රාජාට අයත් ජැෆ්නා කිංග්ස් පිල  කැනඩාවේ මූලස්ථානය පිහිටා ඇති එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනයෙන්  අනුගහය ලබාගෙන ඇත්ත‌ේ ඔවුන්ට කරන ලද ඉල්ලීමකින් බව මේවන විට හෙළිව තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අලි රාජාට අයත් අයතන හා එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) අතර සම්බන්ධයක් ඇත්දැයි සොයමින් සිටින බව පැවසේ.

කෙසේවුවද, අලි රාජා මහතා මේනව විට ලංකාවට පැමිණ ටාජ් හෝටලයේ නවාතැන්ගෙන සිටින බැවින් ඒ සම්බන්ධ පරීක්ෂණ පහසු වී ඇති බවද පැවසේ.

මේ අතර, එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනය රුපියල් කෝටි 100 කට අධික මුදලක් නීති විරෝධී අයුරින් මහජන තැන්පතු ලෙස එක්රැස් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (21) දැනුම් දුන්නේය.

මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති ආයතනයක් බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ ආයතනය මෙරට විශාල පිරිසකගේ රුපියල් කෝටි ගණනින් මුදල් එක්රැස්කර තිබෙන බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වූයේ යැයි ද දන්වා සිටියේය.

මෙම ආයතනය 2022 වසරේදී සමාගම් මැදුරේ ලියාපදිංචි කර තිබුණ නමුත් එහිදී ද සිය සමාගම කරන කටයුතු නිවැරදි ආකාරයෙන් දක්වා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් (23072) විජිත රාජපක්ෂ මහතා අධිකරණයට හෙළි කළ‌ේය.

පිරමීඩ ආකාරයේ සැකකටයුතු මුදල් ගනුදෙනු කරන ලදැයි චෝදනා එල්ල වී ඇති අදාළ ආයතනය විසින් සමාගම් රෙජිස්ටාර්වරයා වෙත ලබාදී ඇති තොරතුරු අනුව එහි අධ්‍යක්ෂවරුන් ලෙස හඳුනාගෙන ඇති රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවංශ, රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජයවංශ, විතානගේ කනක නලින් ගුණසේකර ඇතුළු 05 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉකුත් දා නියෝග කළේ ය.

එලෙස විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හෝමාගම, පනාගොඩ, හයිලෙවල් පාර, අංක 521/බී ලිපිනයේ පදිංචි රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවංශ විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පතක්ද ඉදිරිපත් කර තිබිණි.

නීති විරෝධී මුදල් ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන හෙයින් අදාළ ඉල්ලුම්කරුට අපේක්ෂිත ඇප දුනහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලට බාධා ඇති විය හැකි බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කළේ ය.

කෙසේවුවද, අදාළ ඇප අයැදුම්පත ඉදිරිපත් කළ දුමින්ද තුෂාර යන අයගේ සොයුරකු බව කියන රන්දුනු දේවගේ ඉන්දික නිරංජන් ජයවංශ නැමැත්තා මේවන විට ද ඩුබායි වෙත පලාගොස් ඇති බව වාර්තා වේ. 

සබැඳි පුවත්

ජැෆ්නා පිලට අනුග්‍රහය දැක්වූ MTFE ගැන මහ බැංකුවෙන් විමර්ශනයක්

MTFE ‌ලොක්කන්ට රටයාම තහනම් – එක ලොක්කෙකෙක්  අද උදේ ඩුබායි පැනලා

ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!

ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!

ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved