Connect with us

පුවත්

තවත් ප්‍රියමාලියක් ගැන මුරුත්තෙට්ටුවේ හිමියෝ හෙළිකරති!

Published

on

රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් තමාට අයත් වී-එයිට් (v-8) වර්ගයේ ජීප් රථය කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර මහත්මිය විසින් හොර රහසේ විකුණනු ලැබ ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ චෝදනා කරති.

ඒ අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළ බවට කර ඇති ප්‍රකාශය වැරදි බව උන්වහන්සේ පැවසූහ.

ඇය තමාගේ විහාරස්ථානයේ දායිකාවක වූවත් තිළිණි ප්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ජපානයේ සිටින දායකයකු ත්‍යාගයක් ලෙස නවීන මෝටර් රථයක් ලබා දෙන බවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පොරොන්දුවක් දී තිබේ.

ඒ අනුව තමාට මෙරට දානපතියකු පරිත්‍යාග කළ වී -එයිට් වර්ගයේ සුදු පැහැති ජීප් රථය විකිණීමට උන්වහන්සේ සූදානම් වී තිබේ.

අභයාරාමයට නිතර ආගිය දායිකාවක වන මන්ත්‍රීවරිය පසුව මුදල් දීමේ පොරොන්දුව මත ජීප් රථය ලබා ගෙන ඇත.

එකඟ වූ පරිදි මුදල් නොදීම නිසා කළ සොයා බැලීමේ දී ජීප්රථය නිට්ටඹුවේ වාහන අලෙවි කරන මධ්‍යස්ථානයක තිබී ඇත.

එම මධ්‍යස්ථානය හිමියා මෙම ජීප් රථය මිල දී ගෙන ඇත්තේ කල්බදු පහසුකම මත ය.

තමන් වහන්සේ එම ස්ථානයෙන් ජීප් රථය ගෙන ආව ද අදාළ කල්බදු සමාගමේ නියෝජිතයන් එය රැගෙන ගිය බව ද ජීප් රථයේ හිමිකාරීත්වය ගැනීමට තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරියට නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කළ බව ද උන්වහන්සේ කීහ.

ජිප් රථය වංචා කළ චෝදනාවට අදාළව මන්ත්‍රීවරිය දැනට ඇප මත මුදා හැර තිබෙන අතර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද උන්වහන්සේ හෙළිකර සිටිති.

Continue Reading

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved