Connect with us

පුවත්

අරගලේ හයිජැක් කර ආණ්ඩුවට සෙට්වුණ අය නාමල් හෙළිකරයි!

Published

on

“අරගලයට මොකද වුණේ” යනුවෙන් අවංකව අරගලය කළ පිරිස් තවත්මත් ගෝල්ෆේස් පිටියට වී කල්පනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (16) නාවලපිටිය ප්‍රදේශයේ පැවැති පොදුජන පෙරමුණේ රැලියක් අමතමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“අවංකව මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා පාරට ආපු පිරිසක් ඉන්නවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා පිරිසකුත් පාරට ආවා. ඒ අය මේ හයිජැක් කෙරුවා. ඒ හයිජැක් කරපු බොහෝ පිරිස් වර්තමාන ආණ්ඩුවේ තනතුරුවල ඉන්නවා. අවංකව අරගලය කරපු මනුස්සයා තවම ගෝල්ෆේස් එකට වෙලා කල්පනා කරනවා මොකක්ද වුණේ කියලා ? ඒ එක්කම තවත් කාරණයක්. එදා අපිට හොරා කිව්වා. මට විතරක් නෙමෙයි මේ වේදිකාවේ ඉන්න හැම කෙනාටම හොරා කියලා FCID ගෙනිහිල්ල නඩු දැම්මා, උසාවි දැම්මා, බොරු චෝදනා හැදුවා. අවසානයේ අපි අධිකරණවලින් නිදොස් කොට නිදහස් වුණා. අද වර්තමානයේ සමහර දේශපාලන පක්ෂවල තමන්ගේ පැවැත්ම පාලනය කරන්නේ මඩවලින් සහ තවත් කෙනෙක්ට හොරා කියන තේමාව යටතේ. යම් කෙනෙක්ගේ වැරැද්දක් වෙලා තියෙනවා නම් අධිකරණ ක්‍රමවේදය හරහා දඬුවම් දෙන්න ඕනේ. අපි දැක්කා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා යම් කාරණයක් ගැන විගණකාධිපතිවරයා යම් තීන්දුවක් දීලා තියෙනවා. දැන් ඒ තීන්දුව පිළිබඳව පරීක්ෂණයක් කරන්න. එහෙම නැතුව එන හැම කෙනාටම හොරා හොරා කිය කිය යන්නේ නැතුව. යම් වැරැද්දක් තියෙනවා නම් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. පසුගිය කාලයේ අරගලයට වෙලා රාජපක්ෂලාගේ කළු සල්ලි තියනවා කියපු බොහෝ අය කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කළු සල්ලි තියෙනවා කිව්වේ. සල්ලි දීපු ලැයිස්තුව බැලුවහම අපි හැර අනිත් ඔක්කෝම ඉන්නවා. අපිට හොරා කියලා කිව්වේ, අපි ගාව කළු සල්ල තියෙනවා කිව්වේ. හැබැයි දැන් කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට ඒ සල්ලි ටික දීලා.”

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved