Connect with us

පුවත්

NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි

Published

on

මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනයද විකිණීමට සූදානම් වන බව එහි සේවකයෝ කියා සිටිති.

මේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව කියමින් ඔවුන් පසුගියදා විරෝධතාවයක් ද දියත් කළේය.

ඔවුන් එහිදී අදාල සමාගම සුළු වන්දි මුදලක් ලබාදී ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වන බවට ද චෝදනා කළේය.

එසේම සිය රැකියා අහිමිවීම වෙනුවෙන් ගෙවීමට යන වන්දි මුදල ද ප්‍රමාණවත් නොවන බව ඔවුන් කියා සිටී.

එහි සේවකයෙක් මාධ්‍ය වෙත කියා සිටියේ, අදාළ සමාගම විකුණා දැමීමට තීරණය කිරීම ගැන සමාගම සේවකයන් දැනුවත් කිරීමෙන් පසුව සිය සේවකයන් විසින් අලුතින් පිහුටුවාගත් අන්තර් මහා සේවක සංගමය හරහා ඉල්ලීම් කිහිපයක් පාලන අධිකාරියට යොමු කළ බවයි.

එහි එක් ඉල්ලීමක් ලෙස සේවයට සරිලන වන්දියක් ඉල්ලූ බවත්, පාලනාධිකාරිය එයට ප්‍රතිචාර ලෙස රැකියාව සුරක්ෂිත කර ලක්ෂ 2ක වන්දියක් ලබාදීමට යෝජනාවක් ගෙනා බවත්, එය මෙහි සේවකයින්ට කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයිද ඔහු කියා සිටියේය.

කෙසේවුවද, මේවන විට රුපියල් ලක්ෂ 2ක් වැනි මුදලකට, Michelin Lanka Pvt Ltd ආයතනට ඉවත්වීමේ ලිපි ලබාදෙන ලෙස පාලන අධිකාරිය නිවේදනය කර ඇතැයිද වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව පැමිණීමට පෙර, වර්තමාන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය සේවකයන්ට යෝජනාවලියක් ලබාදුන් බවත්, වෘත්තීය සමිතියක් පිහිටුවාගතහොත් සේවක අයිතීන් දිනා ගත හැකි බව කියා සිටියද, මේවන විට එම වෘත්තීය සමිතියේ සභාපති හා ලේකම්වරයා ද සැඟවී ඇතැයි ද එහි සේවකයකු කියා සිටී.

කෙසේවුවද, අන්තර් සමාගම් සේවක සංගමය මේ සම්න්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ Michelin Lanka Pvt Ltd සිය සමාගම ඉන්දියානු සියැට් සමාගමට විකුණා දැමීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව ඉන්දියානු සියැට් සමාගම එහි වැඩි කොටසක් මිලදී ගෙන ඇති බවයි.

මෙම ගනුදෙනුවට අනුව Michelin Lanka Pvt Ltd සමාගම සතු මිදිගම පිහිටි කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ද, ජා-ඇල ඒකල පිහිටි Michelin Lanka Pvt Ltd සමාගමේ කොටසක්ද සියැට් වෙත ලබාදී ඇති බවයි.

අන්තර් සමාගම් සේවක සංගමය වැඩිදුරටත් කියා සිටින්නේ අදාළ සමාගම් දෙක සමගම සේවක අයිතීන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, ඒ අනුව Michelin Lanka Pvt Ltd සමාගම එම සේවකයන්ගේ සම්පූර්ණ සේවා කාලය ලබාදීමට පොරොන්දු වූ බවත්, එසේම අදාළ සේවා කාලයට අනුව ඔවුන් ලබා ගැනීමට සියැට් සමාගම එකඟ වූ බවත් මෙහි ගැටලුවක් නොමැති බවයි.

(දර්ශන – ITN ෆසේබුක් පිටුවෙනි)

වැලිගම මිචලින් ආයතනය වසාදමා රැකියා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි – අන්තර් සමාගම් සේවක සංගමය 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 ITN News වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න Link : https://www.itnnews.lk/ ITN News Facebook පේජ් එකට මෙතනින් පිවිසෙන්න Link : https://www.facebook.com/ITNNewsSinhala/ ITN News Instagram පේජ් එකට මෙතනින් පිවිසෙන්න Link : https://www.instagram.com/itnnews.lk/ ITN News WhatsApp Channel Follow කරන්න Link : https://whatsapp.com/channel/0029VaeWmNN96H4PlEhUUO2Q ITN News You Tube චැනලයට මෙතනින් පිවිසෙන්න Link : http://www.youtube.com/@ITNNewsOnline ITN News Srilanka You Tube චැනලයට මෙතනින් පිවිසෙන්න Link : https://www.youtube.com/channel/UCqrqt9Egbp4Voh3iEUUoorw #itnnews #lankanews #itn #srilanka #lknews

Posted by ITNnews on Monday, May 26, 2025

මෙම සමාගමේ මීට පෙර හිමිකාරිත්වය දරණු ලැබුවේ Camso Loadstar (Private) Limited විසිනි. එය ලෝක වෙළඳපොලේ කාර්මික ටයර් කාණ්ඩයේ විශාලතම සැපයුම්කරුවායි

මේ අතර, මීට සති කිහිපයකට පෙර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි  NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිස්සියේම වසා දැමුණු අතර ඉන් එහි සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි විය.

ඔවුන් එසේ කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නිෂ්පාදන පිරිවැය අධිකවීම නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම අපහසුවීම හේතුවෙන් අදාල තීන්දුව ගත් බවයි.

සබැඳි පුවත්


පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved