මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනයද විකිණීමට සූදානම් වන බව එහි සේවකයෝ කියා සිටිති.
මේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව කියමින් ඔවුන් පසුගියදා විරෝධතාවයක් ද දියත් කළේය.
ඔවුන් එහිදී අදාල සමාගම සුළු වන්දි මුදලක් ලබාදී ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වන බවට ද චෝදනා කළේය.
එසේම සිය රැකියා අහිමිවීම වෙනුවෙන් ගෙවීමට යන වන්දි මුදල ද ප්‍රමාණවත් නොවන බව ඔවුන් කියා සිටී.
එහි සේවකයෙක් මාධ්‍ය වෙත කියා සිටියේ, අදාළ සමාගම විකුණා දැමීමට තීරණය කිරීම ගැන සමාගම සේවකයන් දැනුවත් කිරීමෙන් පසුව සිය සේවකයන් විසින් අලුතින් පිහුටුවාගත් අන්තර් මහා සේවක සංගමය හරහා ඉල්ලීම් කිහිපයක් පාලන අධිකාරියට යොමු කළ බවයි.
එහි එක් ඉල්ලීමක් ලෙස සේවයට සරිලන වන්දියක් ඉල්ලූ බවත්, පාලනාධිකාරිය එයට ප්‍රතිචාර ලෙස රැකියාව සුරක්ෂිත කර ලක්ෂ 2ක වන්දියක් ලබාදීමට යෝජනාවක් ගෙනා බවත්, එය මෙහි සේවකයින්ට කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයිද ඔහු කියා සිටියේය.
කෙසේවුවද, මේවන විට රුපියල් ලක්ෂ 2ක් වැනි මුදලකට, Michelin Lanka Pvt Ltd ආයතනට ඉවත්වීමේ ලිපි ලබාදෙන ලෙස පාලන අධිකාරිය නිවේදනය කර ඇතැයිද වාර්තා වේ.
වත්මන් ආණ්ඩුව පැමිණීමට පෙර, වර්තමාන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිය සේවකයන්ට යෝජනාවලියක් ලබාදුන් බවත්, වෘත්තීය සමිතියක් පිහිටුවාගතහොත් සේවක අයිතීන් දිනා ගත හැකි බව කියා සිටියද, මේවන විට එම වෘත්තීය සමිතියේ සභාපති හා ලේකම්වරයා ද සැඟවී ඇතැයි ද එහි සේවකයකු කියා සිටී.
කෙසේවුවද, අන්තර් සමාගම් සේවක සංගමය මේ සම්න්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ Michelin Lanka Pvt Ltd සිය සමාගම ඉන්දියානු සියැට් සමාගමට විකුණා දැමීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව ඉන්දියානු සියැට් සමාගම එහි වැඩි කොටසක් මිලදී ගෙන ඇති බවයි.
මෙම ගනුදෙනුවට අනුව Michelin Lanka Pvt Ltd සමාගම සතු මිදිගම පිහිටි කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ද, ජා-ඇල ඒකල පිහිටි Michelin Lanka Pvt Ltd සමාගමේ කොටසක්ද සියැට් වෙත ලබාදී ඇති බවයි.
අන්තර් සමාගම් සේවක සංගමය වැඩිදුරටත් කියා සිටින්නේ අදාළ සමාගම් දෙක සමගම සේවක අයිතීන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, ඒ අනුව Michelin Lanka Pvt Ltd සමාගම එම සේවකයන්ගේ සම්පූර්ණ සේවා කාලය ලබාදීමට පොරොන්දු වූ බවත්, එසේම අදාළ සේවා කාලයට අනුව ඔවුන් ලබා ගැනීමට සියැට් සමාගම එකඟ වූ බවත් මෙහි ගැටලුවක් නොමැති බවයි.
(දර්ශන – ITN ෆසේබුක් පිටුවෙනි)
වැලිගම මිචලින් ආයතනය වසාදමා රැකියා අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි – අන්තර් සමාගම් සේවක සංගමය
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
ITN News වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න
Link : https://www.itnnews.lk/
ITN News Facebook පේජ් එකට මෙතනින් පිවිසෙන්න
Link : https://www.facebook.com/ITNNewsSinhala/
ITN News Instagram පේජ් එකට මෙතනින් පිවිසෙන්න
Link : https://www.instagram.com/itnnews.lk/
ITN News WhatsApp Channel Follow කරන්න
Link : https://whatsapp.com/channel/0029VaeWmNN96H4PlEhUUO2Q
ITN News You Tube චැනලයට මෙතනින් පිවිසෙන්න
Link : http://www.youtube.com/@ITNNewsOnline
ITN News Srilanka You Tube චැනලයට මෙතනින් පිවිසෙන්න
Link : https://www.youtube.com/channel/UCqrqt9Egbp4Voh3iEUUoorw
#itnnews #lankanews #itn #srilanka #lknews
Posted by ITNnews on Monday, May 26, 2025
මෙම සමාගමේ මීට පෙර හිමිකාරිත්වය දරණු ලැබුවේ Camso Loadstar (Private) Limited විසිනි. එය ලෝක වෙළඳපොලේ කාර්මික ටයර් කාණ්ඩයේ විශාලතම සැපයුම්කරුවායි
මේ අතර, මීට සති කිහිපයකට පෙර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිස්සියේම වසා දැමුණු අතර ඉන් එහි සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි විය.
ඔවුන් එසේ කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නිෂ්පාදන පිරිවැය අධිකවීම නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම අපහසුවීම හේතුවෙන් අදාල තීන්දුව ගත් බවයි.
සබැඳි පුවත්