මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යන කටයුතු සඳහා පැමිණි සිසු කණ්ඩායම් දෙකක සිසුන්ගේ මුදල් සොරා ගැනීමේ සිදුවීම් දෙකක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මේ සිදුවීම් දෙක පිටපිට දින දෙකක් තුළ සිදුව ඇත.
එම ආයතනයේ තෙවැනි මහලේ රඳී සිටි මේ සිසුන් කණ්ඩායම් ඔවුන්ගේ නිබන්ඳන කටයුතු සඳහා පහල මාලයට ගිය අවස්ථාවේදී මේ සොරකම් සිදුව තිබේ.
පළමු දිනයේ එසේ සමස්ථ සිසුන්ගේම මුදල් සොරකම් කිරීමෙන් පසුව සිසුන් විසින් බලධාරීන් දැනුවත් කර තිබේ.
බලධාරීන් විසින් එහි සිටි සියලු සිසුන් පරීක්ෂා කර ඇති අතර, ඉන් පසුව ඔවුන් දැනුම් දී ඇත්තේ එම සොරකමින් පොදු දේපල කිසිවකට හානි වී නැති බැවින් ආයතනයට මැදිහත්ව පොලිසියට පැමිණිලි කළ නොහැකි බවයි.
පසුව සිසුන්ට පෞද්ගලිකව මහරගම පොලිසියට පැමිණිලි කරණ ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් දන්වා ඇති අතර ඒ අනුව සිසුන් කිහිපදෙනකු මහරගම පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ තත්ත්වය අනුව ජාතික අධ්‍යාපන ආයතනය තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිව ඇති අතර සිසුන් එහි අධ්‍යන කටයුතු සඳහා පැමිණීමට මැලිකමක් දක්වන බවද වාර්තා වේ.
මෙහි අධ්‍යන කටයුතු සඳහා සහභාගිවන එක් ශිෂ්‍යකුගෙන් රුපියල් 30,000 ක මුදලක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් අයකරනු ලබන බවද පැවසේ.