Connect with us

පුවත්

NLB යට කෝටි 60ක පාඩු කළ DPJ ට නැවත ප්‍රින්ටින් ටෙන්ඩරයක් !

Published

on

මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නැතැයි කියමින් දෙමසකට ආසන්න කාලයක් ගෙවිසෙත ලොතරැයිය මුද්‍රණය නොකරමින් මිලියන 600 කට (කෝටි 60කට) ආසන්න අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින DPJ Holdings ආයතනයට නැවත වරක් එම ලොතරැයිය මුද්‍රණය කිරීමේ අවස්ථාව ලබාදීමේ පුවතක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වාර්තා වේ.

අදාළ සමාගම ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරැයිය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරයේ හිමිකරුවන්ව සිටි කාලයේදී මේ වසරේ මාර්තු මාසයේ 14 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා එම ලොතරැයිය වෙළඳ පොළට ඉදිරිපත් කර නොතිබිණි.

එම සමාගම විසින් මේ වසරේ මාර්තු මාසයේ 14 වැනිදා ගොවිසෙත දිනුම්වාර 3001 නිකුත් කිරීමෙන් පසුව එහි දිනුම්වාර 3002 ඉක්තු කර තිබුණේ මේ වසරේ මැයි 12 වැනිදාය.

මෙයින් ආසන්න වශයෙන් දිනුම්වාර 57ක් ජාතික ලොතරැයි මණ්ඩලයට අහිමිව ඇති අතර එක් දිනුම්වාරයට ගොවිසෙත ලොතරැයි ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කරනු ලබයි.

මේ අතර, එම ලොතරැයිය දිනුම්වාර 57ක් මුද්‍රණය නොකිරීම හේතුවෙන් එහි ලාභයෙන් 14% ප්‍රතිශතයක් ලැබෙන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට ද විශාල පාඩුවක් සිදුව තිබේ.

එසේම එම සුවිප් විකුණා එම වෙළඳාමෙන් යැපෙන පිරිසට සිදුව ඇති පාඩුව කෝටි 10කට ආසන්න බව ද වාර්තා වේ.

මෙසේ DPJ Holdings විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හා කෘෂිකර්ම අමාත්‍යංශයට පාඩුකර තිබියදී ඉකුත් ඔක්තෝබර් මාසයේ ලොතරැයි මුද්‍රණයට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ මේ ආයතනයට නැවතත් එය ලබාදී ඇත.

ඒ එයට දෙවැනියට අඩුම ලංසු තැබූ මුද්‍රණ ආයතනයට වඩා ශත 0.05කට අඩුවෙන් DPJ Holdings විසින් ලංසු ඉදිරිපත් කර ඇති බව පවසමිනි.

තත්ත්වය මෙසේ තිබියදී මෙම ටෙන්ඩරය DPJ Holdings වෙත ලබාදීමට වැඩිම බලපෑම සිදු කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති නීතීඥ ලලිත් පියුම් මහතා හා එහි කළමනාකරුවකු ලෙස කටයුතු කරන සංජීව එදිරිසිංහ මහතා විසින් බව මේවන විට හෙළිව ඇතැයි ද පැවසේ.

DPJ Holdings සමාගම හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පත්කරන ලද වරාය සභාපතිවරයාට සම්බන්ධයක් ඇති එකක් බවද මේ වන විට හෙළිව තිබේ.

ඉදිරියේදී NLB ය අලුත් ගොඩ නැගිල්ලකට යාමේ මගඩිය හා ලොතරැයි දිනුම් ඇදීම රූපවාහිනියෙන් ගැලැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙළි නොවූ කරුණු රාශියක් අප ලිඛිත සාක්ෂි සහිතව හෙළිකරන්නෙමු.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved