Connect with us

පුවත්

NPP විරෝධතාවේදී තුවාල ලැබූ අයෙකුට බරපතලයි!

Published

on

ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද මේ අතර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (26) විරෝධතාවයේදී තුවාල ලැබූ 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා දෙකකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ ය.

මෙම විරෝධතා පාගමන පැවැත්වුයේ,”ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහ පරදවමු” යන තේමාවෙන් ය.

පුවත්

අද සිට ඇරඹෙන විශේෂ මෙහෙයුම

Published

on

By

දිවයින පුරා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අද (21) උදෑසන සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ සෘජු දායකත්වයෙන් දිවයින පුරා මෙම විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කර ඇත.

රටේ අනාගත ළමා හා තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් මත්ද්‍රව්‍ය උවුදුරේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම,   සමාජය තුළ මත් ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම හේතුවෙන් ඇතිවන ව්‍යසනකාරී තත්ත්වය වැළැක්වීම , මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සමාජ සංස්කෘතික සමාජ සදාචාරාත්මක ආර්ථික හා සෞඛ්‍ය පරිහානිය වළක්වාලීම,  මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යන විදේශ විනිමය නතර කිරීමට පියවර ගැනීම මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හා බෙදාහරනු ලබන ජාලය බිඳ දැමීම යනාදී අරමුණු මෙමගින් අපේක්ෂා කෙරේ .

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මේ වන විට වැඩබලන පොලිස්පති විසින් සියලු පොලිස්නිලධාරීන් දැනුවත් කිරිමට  කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකන් සමාගමේ අක්‍රමිකතා හොයන්න කමිටුවක් 

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළගා කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඒ අනුව මුල්‍ය ප්‍රවාහ කළමනාකරණය හා ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ආයතනයක් ලෙස ගොඩනැංවීමට එහි සියලු පාර්ශවයන්ගේ දායකත්වය හා කැපවීම ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

සාමූහික මැදිහත්වීමක් නොමැතිව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟිය නොහැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් වෙනුවෙන් තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන හිමි නොවන පසුබිමක, ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

දේශපාලන අධිකාරිය ලෙස මෙරට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට කළයුතු සියලු කැපකිරීම් සිදු කරන බවත්, එලෙසම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩනැඟීම එහි සියලු කාර්‍යමණ්ඩලයේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් රු. බි. 20ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙය මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බැවින් එම සියලු මුදල් ඵලදායීව යෙදවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන ව්‍යාපාරයක් බවට පත් කිරමේ රජයේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිතිවල පූර්ණ සහාය ලබා දෙන බවත්, එය තමන්ගේද මූලික අභිප්‍රාය බවත් මෙයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ජනාධිපතිවරයා ඉදිරියේ සහතික වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගණේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය, ගුවන් සේවක සංගමය, බලපත්‍රලාභී ගුවන්යානා ඉංජිනේරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවා ගුවන්යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ගුවන්යානා ඉංජිනේරු සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක සංගමය යන වෘත්තීය සමිතිවල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු යළි රිමාන්ඩ්

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකාර වෙඩික්කරු ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.

රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධි විධාන මැද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළට ඉදිරිපත් කළාය.

සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් බන්ධනාගාරය තුළදී මෙම සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved