2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බවයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කරන අනුපිළිවෙලට සංශෝධන කර ඇති බවද ධර්මසේන මහතා සඳහන් කරයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, 2022 සාමාන්‍ය පෙළ විභාගය 2023 ජනවාරි 23 වැනිදා ආරම්භ වන අතර එය පෙබරවාරි 17 වැනිදායින් අවසන් වේ.