පුවත්

 O/L පිලිතුරු පත්‍ර බැලීමෙන් ගුරුවරු ඉවත් වෙති!

Published

on

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම්වලින් ගුරුවරු අද (12) පස්වරුවේ ඉවත්වීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු – විදුහල්පති සන්ධානයේ මෙහෙයවීමෙන් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට අද පස්වරුවේ පවත්වන උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට සහාය දැක්වීමට ගුරුවරුන් මේ පියවර ගොන ඇතැයි පැවසේ.

වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පමණක් නොව” විභාග උත්තර පත්‍ර ඇගයීම් දීමනා වැඩි කිරීමට පියවරගෙන නැති බවත් උත්තර පත්‍ර ඇගයීම්වලට ගුරුවරුන් යොමුව සිටින්නේ දරුවන් සම්බන්ධයෙන් සානුකම්පිතව සිතා බලමින් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. 

මෙම තත්ත්වයන්ට එරෙහිව මෙම මස 26 වැනිදා සියලු ම ගුරුවරුන් අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් එදිනට සියලු ගුරුවරු කොළඹදී උද්ඝෝෂණයක යෙදෙන බවත් ඒ මහතා කීවේය.

Trending

Exit mobile version