Connect with us

පුවත්

Octopussy හි ආරක්ෂකයාට පහරදුන් යෝෂිතගේ ගෝලයෝ සොයන්න පොලිස් ටීම් 2ක්  

Published

on

යූනියන් පෙදෙස පාක් වීදියේ Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ, Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාව තුළට ඇතුළු වීමේදී හඳුනාගැනීමේ අත්පළඳනාව පැළඳීම රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බව පැවසේ.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග සිදුකළ පහරදීමකින් එහි ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබිණි.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

සැකකරුවන්, දෙහිවල, අත්තිඩිය සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් මේ වන විට එම ප්‍රදේශවලින් පළාගොස් ඇති බවයි.

පුවත්

ජාතික තරුණ දිනයේ සමාරම්භය සටහන් කරමින් අද ඇරඹෙන “යූත් ක්ලබ්”

Published

on

By

දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් “යූත් ක්ලබ් “යෞවන සමාජ ආරම්භ කරමින්, අද (23) දිනයේ ජාතික තරුණ දිනයේ සමාරම්භය සනිටුහන් කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ජාතික තරුණ සේවා සභාව ලෙස යූත් ක්ලබ් පිහිටුවීම වසරක් ඇතුළත ක්‍රියාත්මක කරන විශාලතම ව්‍යාපෘතියක් බවද 1983 මැයි 23 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික තරුණ සමුළුව ක්‍රියාත්මක  ආරම්භ වූ අතර, එය සංකේතවත් කරමින් මැයි 23 වනදා ජාතික තරුණ දිනය ලෙස නම්කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

දිවයින පුරා සිටින වයස අවුරුදු 15ත් – 29ත් අතර තරුණ තරුණියන්ට යූත් ක්ලබ්  සමඟ සම්බන්ධ වීමට හැකියාවක් පවතින බවද පැවසූ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් ඒ වෙනුවෙන් ග්‍රාමසේවා වසම් මට්ටමෙන් යූත් ක්ලබ් යෞවන සමාජ 14,033ක් පිහිටුවීමට  සියලු කටයුතු සූදානම්බවද සඳහන් කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මැයි 30 සිට ජූලි 15 දක්වා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල යූත් ක්ලබ් පිහිටුවීමට කටයුතු කරන බවද,
ජුනි 01 සිට ජුලි 31 දක්වා දිස්ත්‍රික්ක මට්ටමෙන්ද පිහිටුවීමට සැලසුම් සකස් කර ඇතැයිද සදහන් කළේය.

අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය දවසේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට රටේම තරුණ තරුණියන්ව කැඳවා ජාතික සමුළුවක් පිහිටුවා එහිදී ජාතික තරුණ සම්මේලනය පිහිටුවීමට බලාපොරොත්තු වන බවද ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් සඳහන් කරන ලදී.

ජාතික තරුණ දිනයේ සිට ජාත්‍යන්තර තරුණ දිනය දක්වා වූ කාල පරාසය ඇතුළත ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වෙච්ඡා සංවිධානය ස්ථාපිත කිරීමට ජාතික තරුණ සේවා සභාව මේ මොහොතේ කටයුතු කරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය අද යි.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශොධන පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

Continue Reading

පුවත්

මීළඟ පියවර ගැන IMF මතක් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved