Connect with us

පුවත්

Onmax DT වංචාව ගැන ජනපතිට රහස් ලිපියක්; ඇමති පුතෙකුටත් චෝදනා!

Published

on

ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පිරමීඩ වංචාව යට ගැසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහ බැංකුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදී ඇති බව කියමින් ජනපතිවරයාට නුවර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මහනුවර යටිනුවර පදිංචිකරුවකු වන ඊ.ජී. පෙරේරා නැමැත්තෙකු විසින් අදාල ලිපිය ජනපතිවරයාට යොමුකර  තිබේ.

ඊට අමතර අදාළ ලිපියේ පිටපත්, ජනපතිවරයා මගින් මහ බැංකු අධිපති, නීතිපතිතුමා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ද යොමුකරණ මෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ මුදල් මහනුවර කසුන් නැමැත්තෙකු විසින් රාජගිරිය ප්‍රදේශයේ ප්‍රියන්ත බොතේජු නම් පුද්ගලයකු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහ බැංකුවට ලබාදී ඇති බවයි.

එසේම ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සාරංග රන්දික ජයතිස්ස සහ තවත් අධ්‍යක්ෂවරු දෙදෙනකු වෙනුවෙන් රුපියල් කෝටි 6ක මුදලක් අමාත්‍යවරයකුගේ පුත්‍රයකුට ලබාදී ඇති බවට ද චෝදනාවක් එල්ල කර ඇත.

ප්‍රියන්ත ‌බොතේජු නැමැත්තා සම්බන්ධයෙන් තොරතුරු ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සාරංග රන්දික ජයතිස්සගෙන් ලබා ගැනීමට හැකියාව ඇති බවද ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයකු මේවන විටත් රට හැර ගොස් ඇති බවද පෙරේරා මහතා සිය ලිපියෙන් හෙළිකර ඇත.

මේ අතර, කෝටි 3200ක පමණ වංචාවක් සිදු කළ බව කියන ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කහඳව ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්, සිංහල පේඩිගේ ගයාශාන් අබේරත්න, ලේන්දූවගේ සම්පත් සඳරුවන්, ගලබඩ විධාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස හා මල්ලව අප්පුහාමිලාගේ ධනංජය ජයාන් යන පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි යන කුකුස සම්බන්ධයෙන්ද ඔහු විමසීමක් කර තිබේ.

ඔන්මැක්ස් ජාවාරමේ ඇමතිලා ඇති බව ඩයනා පාර්ලිමේන්තුවට කියයි

ඔන්මැක්ස් නැමැති  පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසුවාය.

මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

මේ ගැන රහස් පොලිසියේ  සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් වෙලා තිබෙන බවද ඔන්මැක්ස් නමැති ආයතනය  තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය.

අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

සබැඳි පුවත්:

Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා

ඔන්මැක්ස් ලොක්කෝ කෝටි 80ක් බෙදාගෙන – CIDය අධිකරණයට දන්වයි!

නාමල්ගේ කී Onmax DT ඇතුළු පිරමීඩ ජාවාරම් 3කට අපරාධ නඩු!

මහ බැංකු පිරමීඩ නීති හා සෙල්ලම්කරණ මේ අප්පුහාමිලා කවුද?

පිරමීඩ ජාවාරමකට හසුවූ ගුරුවරයෙක් සියදිවි නසාගෙන

රනිල්, සජිත් ගිය උත්සවයේ මූල්‍ය දායකත්වය දී ඇත්තේ පිරමීඩ සම්පත්ලායි!

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved