නියමිත ලෙස නොවැම්බර් 14දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්කර ඇති බව මැතිවරණ කොමසාරි ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව සඳහන් කළේ, අද (04) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.
“අපිට ව්‍යවස්ථානුකූලව අපිට 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව අපි කටයුතු කරගෙන යනවා. අපි මෙතෙකුත් මේ නඩු තීන්දුව නඩුව ගොනු කර තිබුණත්, අපි කිසිඳු අවස්ථාවක අපේ කටයුතු අපි නැවැත්තුවේ නැහැ. අපි ඒ සියලු කටයුතු ඒ ආකාරයෙන් කරා. මොකද? මේ රටේ පුරවැසියෙකුට තමන්ට අසාධාරණයක් වෙනවා වගේ හැඟෙනවනම් ඔහුට මූලික අයිතිවාසිකම් පෙත්සමට යාමේ ඉඩකඩ තියෙනවා. ඒ ගිය පමණින් අපේ කටයුතු නවතින්නෑ. අපේ කටයුතු කරගෙන යම් ආකාරයකින් ගරු අධිකරණය දෙන තීන්දුව මත පමණයි අපිට කටයුතු නැවැත්වීමේ හැකියාවක් තියෙන්නෙ. එතකොට අපි දන්නවා පැහැදිලිව මේ වෙනකොටත් එවැනි කිසිදු නීතිමය බාධාවක් නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නිශ්චිතයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14දා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත පුනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමේ එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා නම් කර කිබුණි.