පුවත්

Onmax DT ටීම් එක ගැන මහ බැංකුවට නැවත පැමිණිලි; ආයෝජනයත් වරදක්

Published

on

‘ඔන්මැක්ස් DT’ (Onmax DT) ආයතනය සම්බන්ධයෙන් මහ බැංකුවට නැවත පැමිණිලි ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ අයතනයට ඇමරිකානු ඩ‌ොලර් කෝටි 10කට ආසන්න මුදලක් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ  බවට චෝදනා එල්ලවී ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගියදා නියෝග නිකුත්කර තිබිණි.

මේ ආයතනය ඇතුළු තවත් ආයතන තුනක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් පරීක්ෂණයක් සිදු කර ඉන් අනතුරුව එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් හා නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර තිබීම නිසා මොවුන්ට එරෙහිව මහ බැංකුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

මේ අතර ගතවූ සිවුමාසය තුළ පිරමීඩාකාර උගුල් සම්බන්ධයෙන් පැමිණිලි 20ත් 30ත් අතර ප්‍රමාණයක් ලැබී ඇතැයි මහ බැංකුව කියයි.

මහ බැංකුව කියා සිටින්නේ පිරමීඩාකාර යෝජනා ක්‍රමවල මුදල් ආයෝජනය කිරීම 1988 අංක 30 දරණ බැංකු පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

ඊට අමතරව පිරමීඩාකාර ව්‍යාපාරවලට හවුල්වීම බැංකු පණත යටතේ ප්‍රධාන වරදක් බවද මහ බැංකුව පෙන්වා දෙයි.

ඒසේම දණ්ඩනීති සංග්‍රහය යටතේ එවැනි දයෙක් යටතේ සිදුකරන වරදක් බවත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මුදල් විශුද්ධිකරණ වරදට දඩුවම් හිමිවිය හැකි බවයි.

මේ අතර මෙසේ මුදල් ආයෝජනය මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ සත්‍ය තොරතුරු වසන් කිරීමේ වරදටද මෙයට සම්බන්ධ වූවන් කොටුවන බවයි.

ණය නොගෙවීමේ වරද, සොරකම, කූට ලේඛන සැකසීම, චෙක්පත් වංචාව ඇතුළු අතුරු වැරදි ගණනාවකට ද තහනම් පිරමීඩ ව්‍යාපාරයන් සදහා හවුල්වන අය සිදුකරණ බව මහ බැංකුව අවධාරණය කරයි.

මේ අතර මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම පිරමීඩාකාර වංචාවලට හවුල්වන පිරිස් නිදැල්ලේ සිටීම මේ අපරාධය වර්ධනයවීමට හ‌ේතුවක් වන බවයි.

සබැදි පුවත්

Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා

නාමල්ගේ කී Onmax DT ඇතුළු පිරමීඩ ජාවාරම් 3කට අපරාධ නඩු!

Trending

Exit mobile version