Connect with us

පුවත්

Onmax DT නඩුව කල්යයි

Published

on

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2,017 ක් ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2.96 ක් ලෙසද ගණන් බලා තිබේ. 

මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව පැවසීය.

නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාළ ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර, මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත්ය.

එම අවස්ථාවේ දී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු සැකකරුවන් නවදෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. 

මේ අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට විදේශගතව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන් සැකකරුවන් දෙදෙනකුගේ පරීක්ෂණ කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් දැනුම් දුන්නේය.

මෙම සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් දේපළ ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවත් ඒවා හඳුනාගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා ඇත. 

ඊට අමතරව මෙම සැකකරුවන්ට අයත් ඉඩම් 31 ක් තහනම් කර ඇති බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේය. 

මෙහිදී මහෙස්ත්‍රත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වනදා යළි කැඳවන ලෙසත් එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

(අරුණ)

පුවත්

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි

Published

on

By

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් කතාවක් පවත්වා තිබේ 

“යහපත් ලෝකයක් ගොඩනැංවීමේදී කාන්තාවන්ගේ අද්විතීය හා පරිවර්තනීය බලය” ඉස්මතු කරමින් ඇය විසින් දේශනය පවත්වා ඇත.

2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව, අප්‍රේල් 10 සිට 13 දක්වා සෝල් නුවරදී පැවති මෙම සමුළුව, “සාමයේ හා සෞභාග්‍යයේ බලාපොරොත්තු සහිත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව යටතේ සංවිධානය විය.

හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස, ගැටුම්වලින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව තමා දෑසින් දුටු බව ඇය මෙහිදී  ප්‍රකාශ කර තිබේ.

ගැටුම්වලින් පසු සමාජයක් යළි ගොඩනැංවීමේදී, සමාජයේ සාමූහික ධෛර්යය යහපත් ලෝකයක් බිහි කිරීමට තීරණාත්මක වන අතර, එහිදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අනන්‍ය වන බව ඇය අවධාරණය කළාය.

Continue Reading

පුවත්

ඇමති බංගලාවලට ආයෝජකයෝ පොරකති

Published

on

By

ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 60කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසූවේ ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බවය.එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය. 

ඇමති බංගලා 50ක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Continue Reading

පුවත්

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට

Published

on

By

උපාධිධාරීන් තිස්එක් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන දසදහසක් වෙන්කර ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා මෙන්ම විද්වතුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සිදුකෙරෙනු ඇත.

පොලිස් නිලධාරීන් දෙදහසක් මෙම වසර තුළදී බඳවා ගැනීමට කටයුතු කරන බවද සමරසිංහ මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved