පුවත්

Onmax DT ලොක්කෙක් ජනතාව තැන්පත් කළ මුදලින් ඉඩම් 16ක් අරගෙන

Published

on

“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරනු දක්වමින් ඊයේ (07) පැවසීය.

සැකකාර අධ්‍යක්ෂවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම ඉඩම් දාසයෙන් ඉඩම් 12 ඕපනායක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට අලෙවි කර ඇති බව මේවන විට හෙළිව ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

එසේම එකම දිනයකදී රුපියල් මිලියන ගණනක් යොදවා ඉඩම් 12 මිලදී ගත් වෛද්‍යවරයා පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් සැබවින්ම මෙම වෛද්‍යවරයා ඉඩම් මිලදී ගෙන ඇතිද? එම ඉඩම් මිලදී ගත්තේ නම් ඔවුන්ට එම මුදල් ලැබුණේ කෙසේද? යන්න විමර්ශනය කරන බවත් රහස් පොලිසිය එහිදී කියා සිටියේය.

රහස් පොලිසිය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර අධ්‍යක්ෂකවරයාට විවෘත වරෙන්තු නිකුත් කළ අතර, වෛද්‍යවරයාට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනමක්ද නිකුත් කළේය.

Trending

Exit mobile version