පුවත්

Onmax DT හා MTFE පිරමීඩ ව්‍යාපෘති බව මහ බැංකුව යළි කියයි

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව නැවතත් පිරමීඩ මුදල් ගනුදෙනු සදහා ජනතාව සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කරයි.

මහ බැංකුව නිවේදනයට අනුව මේ වන විට හඳුනාගත් ආයතන 9ක් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

එයට හේතුව නම් තහනම් යෝජනා ක්‍රමවේද පැවතිම හා එය දිර්ඝ කාලිනව පවත්වාගෙන යාමය.

මහ බැංකුව පවසන අකාරයට තහනම් කරන ලද ක්‍රමයන් ඝෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය, කළමනාකරණය හා මෙහෙයවීම දඞුවම් ලැබිය හැකි වරදක් බවය.

 තවද,මහ බැංකුව පවසන්නේ  ඇතැම් යෝජනා ක්‍රම සඳහා මහ බැංකුව යම යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ පැතිරෙන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

යම් පිරමීඩාකාර ව්‍යාපාරයක් සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තියට අනුව අපරාධමය නඩු කටයුතු පැවරීමේ හැකියාව ඇති හෙයින් ඒ  පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීම් කර ඇති බවද මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහත පරිදිය.

Trending

Exit mobile version