පුවත්

OnmaxDT ලක්ෂ 17ක වංචාවක් කළ බවට තවත් නඩුවක් අධිකරණයට

Published

on

ඔන්මැක්ස් ඩී.ටී. නමැති මෘදුකාංගය හරහා ආයෝජනය කර ප්‍රතිලාභ දෙන බව පවසා රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් ගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07) දන්වා සිටියේය.

කිරුලපන, කොළඹගේ මාවත, 04 වැනි පටුමගේ පදිංචි පෑලියගොඩ ගමගේ චූල සුභද්‍රා නමැති අය කළ පැමිණිල්ලක් මත එම විමර්ශන ආරම්භ කළ බව පොලිසිය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා වෙත කරුණු වාර්තා කරමින් එලෙස දන්වා සිටියේය.

අධිකාරි ආරච්චිගේ චාමික බණ්ඩාර නමැති අයකු හරහා රුපියල් 17,46,080 ක මුදල ආයෝජනය කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියම කළේ ය.

Trending

Exit mobile version