“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.
විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව පසුගියදා ඒකමතිකව සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුව මෙම ගිවිසුමට අත්සන් තැබුණි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
නිදහස ජාතික සභාව විසින් සංවිධාන කර තිබුණු මෙයට, ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු කමිටු කාමරයක පැවති මෙම සාකච්ඡාවට සහභාගී වුණි.
එම පක්ෂවලට අමතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.