Connect with us

පුවත්

PCලා 3කට ලිංගික අතවර කළ තිස්සමහාරාම පොලිසියේ PC රිමාන්ඩ් 

Published

on

ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතරව කිරීම, සාපරාධී බියගැන්වීම, කෘෘර ලෙස සැලකීම සහ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු චෝදනා රැසක් යටතේ අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිස්සමහාරාම පොලිසියේ සේවය කරන පොලිස්කො ස්තාපල්වරයකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට සේවයට වාර්තා කළ අදාළ නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට සැකකරු විසින් නවක වදය ලබාදෙමින් මේ අකටයුතුකම් සිදු කර ඇත.

නවක වදයට ලක්වී ඇත්තේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාම පොලිසියට අනුයුක්ත කළ තිදෙනෙකි.

මෙම ආධුනිකයන් තිදෙනා තනිකඩ භට නිවාසයේ සිටියදී නවක වදය ලෙස ජ්‍යෙෂ්ඨ පිළිවෙළට පෙළගස්වා නිරුවත් කළ බවට කොස්තාපල්වරයාට එරෙහිව ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කළ පැමිණිල්ලේ සඳහන්ය. 

ඊට අදාළව තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved