ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුට ලිංගික අතරව කිරීම, සාපරාධී බියගැන්වීම, කෘෘර ලෙස සැලකීම සහ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු චෝදනා රැසක් යටතේ අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිස්සමහාරාම පොලිසියේ සේවය කරන පොලිස්කො ස්තාපල්වරයකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට සේවයට වාර්තා කළ අදාළ නවක පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට සැකකරු විසින් නවක වදය ලබාදෙමින් මේ අකටයුතුකම් සිදු කර ඇත.
නවක වදයට ලක්වී ඇත්තේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාම පොලිසියට අනුයුක්ත කළ තිදෙනෙකි.
මෙම ආධුනිකයන් තිදෙනා තනිකඩ භට නිවාසයේ සිටියදී නවක වදය ලෙස ජ්‍යෙෂ්ඨ පිළිවෙළට පෙළගස්වා නිරුවත් කළ බවට කොස්තාපල්වරයාට එරෙහිව ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කළ පැමිණිල්ලේ සඳහන්ය.
ඊට අදාළව තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.