ඛනිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ
එම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 77ක් ලබුණු අතර විපක්ෂය ඡන්ද 17ක් ලැබුණි.
මෙම පනත් කෙටුම්පතට විරෝධය දැක්වීමට ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබුණි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අශෝක රංවල මහතා පවසා තිබුණි.
සබැඳි පුවත් :
ඛනිජ තෙල් සේවකයින් අද ලෙඩ නිවාඩු