පුවත්

PHI සහයකට වෙඩි තබන්න ආ සැකකරු හෙල්මටයත් දමා පැනයයි

Published

on

රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.

මත්තුමගල රාගම පදිංචි පි. අසංක ලක්මාල් නැමති අයගේ නිවසට පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු ටී. 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සමග ඔහු පොරබදා තිබෙන අතර එම අවස්ථාවේදී ගිනි අවියේ මැගසීනය බිම වැටී ඇති අතර තුවක්කුකරුගේ හිස් ආවරණය ගැලවී ගොස් ඇති බව වාර්තා වේ.

ඒ සමගම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් කඳාන දෙසට පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ප්‍රදේශයේ සවිකර ඇති CCTV දර්ශන භාවිතයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

Trending

Exit mobile version