Connect with us

පුවත්

PMDයේ අසාර්ථක උත්සාහය !

Published

on

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.

වර්ජනය දින දුම්රිය, බස් ධාවනය, බැංකු විවෘත කර තැබීම ආදී සියලු දෑ සම්බන්ධයෙන් පුවත් පළකළ ජනාධිපති මාධ්‍ය අංශයට රටේ ජනතාව පත්ව ඇති අසරණභවය නොපෙනී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඩොලරය පහළ බසිද්දී පුවත් පළ කරන ජනාධිපති මාධ්‍ය අංශය ඩොළරය ඉහළ යාමේදී පුවත් පළ නොකළ බවත් පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසීය.

රටේ මතුව ඇත්තේ ප්‍රචාරණය පිළිබඳ යුද්ධයක් නොවන බැවින් ජනතාවගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මරික්කාර් මහතා කීවේය.

(ලංකාදීප)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved