පුවත්

දීර්ඝ සති අන්තයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි

Published

on

එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 05 – 07 දක්වා විදුලි කප්පාදුව පැයකට සීමා කර තිබේ. එම කාලසීමාව තුළදී A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

තවද, 08දා පැය 02ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී තිබේ.  ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Trending

Exit mobile version