COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අද (06) පෙරවරුවේදී ඊජිප්තුව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන ඇන්ටෝනියෝ ගුරාටෙස් ව හමුවී තිබේ.
COP-27 සමුළුව, ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී නොවැම්බර් 6 – 18 දක්වා පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිළිබඳ සමුළුවේ කටයුතු සඳහා 07 සහ 08 දෙදින තුළ සහභාගී වන අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙයට සමගාමීව ඔහු ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනු ඇත.
(ඡායාරූපය : දිනුක් කොළඹගේ ගේ ට්විටර් ගිණුමෙන්)