පුවත්

විරෝධතාවට එක්වූ සජිත් ඇතුළු‌ දේශපාලකයන්ට විරෝධයක්

Published

on

සංවිධාන රාශයක් ‌ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රීලනිප මහා ලේකම් – දයාසිරි ජයසේකර මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.

විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා පොලීසිය ‌යෙදූ මානුෂීය බාධක බිඳගෙන ඉදිරියට යාමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම විරෝධය එක්විය.

මෙහිදි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින්ට විරෝධතාකරුවන්ගෙන් ඇතැම් පිරිසක් හූ හඩ නගා විරෝධයද ප්‍රකාශ කළේය.

රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලිය සහ පා ගමන මරදානෙන් ආරම්භ වූ නමුත්, පොලිසිය විසින් එය මරදාන දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයේදී නතර කරනු ලැබුණි.

(ඡායාරූපය : කලම්බුගැසට්)

Trending

Exit mobile version