අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම සලකාබැලීමට පෙබරවාරි 08දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සම අද (06) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එදින මෙම නඩුවට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණය මහජන උපයෝගීතා කොමිසමට අවසර ලබා දී ඇත.