පුවත්

QR කෝටාව ගැන අලුත් තීරණයක්

Published

on

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ අතර QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුනොවන බවයි.

මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදී වන අතර, එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version