Connect with us

පුවත්

SDIG රවී සෙනෙවිරත්නට ඇප

Published

on

බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළ බවට එල්ල වූ චෝදනා මත පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.

ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 2,500ක මුදල් ඇපයක් මත නිදහස් කර ඇත.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බවත්, සෙනෙවිරත්න මහතාට ඇප ලබාදීමට විරෝධයක් නොමැති බවත්ය.

සබැඳි පුවත් :

හිටපු SDIG රවීගේ ඇප ඉල්ලීම ඉවතට

රවී සෙනවිරත්න රිමාන්ඩ් (Update)

පුවත්

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

Published

on

By

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන  බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

සිගමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි බාරකාරත්වයකට පත්කිරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම,  නුගේගොඩ ,  ගම්පහ,  පානදුර,  කැලණිය, මීගමුව,  ගල්කිස්ස,  කළුතර, තංගල්ල යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මකය.

එමෙන්ම අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාශවල ද මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය සදහන් කරයි.

ජනාකීර්ණ ප්‍රදේශ,  මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණ අසල මෙන්ම මාර්ග සංඥා පහන් දැල්වෙන ස්ථාන අසල මෙවැනි දරුවන් බහුලව දැකගත හැකිය.

පසුගියදා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් එවැනි දරුවන් 21 දෙනෙකු අදාළ නිලධාරීන් භාරයට ගෙන ඔවුන් සුදුසු භාරකාරත්වයක් යටතට පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.

Continue Reading

පුවත්

ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By

සති දෙකක කාලයක් තුළ වගා නොකිරීමට හේතු දක්වන්නැයි වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.  

කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේ, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම්ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

Continue Reading

පුවත්

රට පුරා එකම වෙලාවකට සැමරූ “2025 ජාත්‍යන්තර යෝගා දිනය”

Published

on

By

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පසුගියදා (19 ) වන දින දිවයින පුරා සැමරුම් මාලාවක් සංවිධානය කර තිබිණ.

මේ අනුව ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් ශික්ෂණ සහ පර්යේෂණ ආයතන ඇතුළු ආයුර්වේද රෝහල් 113ක සහ විශ්ව විද්‍යාල 4ක එකම වේලාවක දී යෝගා වැඩසටහන් පවත්වන ලදී. 

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන වැඩසටහන අද (21)  පෙ.ව. 6.30ට කොළඹ, නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

මේ හා සමගාමීව දිවයින පුරා යෝගා ව්‍යායාම සඳහා උනන්දුව තීව්‍ර කරමින් යාපනය, මහනුවර සහ හම්බන්තොට ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික ආයතන විසින් ද යෝගා දින සැමරුම් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයුර්වේද දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව තුළ ආයුර්වේදය සහ වෙනත් සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමට, නියාමනය කිරීමට සහ ආරක්ෂා කිරීමට තිබෙන ප්‍රධානතම ආයතනය වේ. සාකල්‍ය සෞඛ්‍යය සහ සුවතාවය සඳහා කැපවීමේ කොටසක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් යෝගා ව්‍යායාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, අධ්‍යාපනය සහ පර්යේෂණය තුළ වැදගත් අංගයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ.

2025 ජාත්‍යන්තර යෝගා දිනයේ තේමාව වන “Yoga for One Earth, One Health – මුළු ලොවෙහි මනා පැවැත්ම සහ අප සැමගේ නිරෝගීභාවය” යන්න පුද්ගල සුවතාවය සහ අපගේ පෘථිවියේ මනා පැවැත්ම අතර පවතින දැඩි සම්බන්ධතාවය පිළිබිඹු කරයි. සිරුර, මනස සහ ස්වභාව ධර්මය අතර මනා සුසංයෝගීතාවය පදනම් කරගත්
පෞරාණික ක්‍රමවේදයක් වන යෝගා ගෝලීය සෞඛ්‍යය සහ පාරිසරික වශයෙන් දක්වන සැලකිලිමත්භාවය සඳහා අත්‍යාවශ්‍ය තිරසාර සහ සමබර ජීවන ක්‍රමයක් ප්‍රවර්ධනය කරයි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම විශ්වීය පණිවිඩය අවධාරණය කරමින් සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝගා දිනය ලෙස නම් කරන
ලෙස 2014 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. එතැන් සිට යෝගා දිනය අභ්‍යන්තර සාමය සහ සාමූහික සුවතාවය ළඟා කර ගැනීම සඳහා යෝගා ව්‍යායාම පුරුදු පුහුණු කිරීමට මිලියන ගණනක ජනතාව දිරිමත් කරන ගෝලීය ප්‍රයත්නයක් බවට පත් වී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved