Connect with us

පුවත්

SENOK සුළං තටුව නිවාස මතට කඩා වැටුණේ නඩත්තුව මදි කමින්?

Published

on

සෙනොක් වින්ඩ් පවර් පුද්ගලික සමාගමට (Senok Wind Power Pvt Ltd) අයත් සුළං විදුලි උත්පාදන කුලුනක තටුවක් පසුගිය 02 වැනිදා පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් කන්දකුලිය, කුරිඤංපිටිය ප්‍රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබිණි.

මෙම සුළං තටුව කඩාවැටෙන අවස්ථාවේ දී එම නිවාසවල කිසිවකු නොසිටි නිසා ජීවිත අනතුරුවලින් තොරවූ බව ප්‍රදේශවාසිහු කියති.

අදාළ සුළං කුලුනේ තට්ටුව කඩාවැටීමෙන් එක් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස දෙකකට සුළු හානි සිදුව ඇත.

කෙසේවුවද, මීට වසර 10 කට පමණ පෙර ස්ථාපිත කර ඇති මෙම සුළං උත්පාදක කුළුණ කිසිඳු නඩත්තුවක් හෝ අලුත්වැඩියාවක් සිදු නොකිරිම හේතුවෙන් ලවණ මිශ්‍ර සුළං නිසා දිරාපත්ව මෙසේ කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
අදාළ සමාගමට අයත් සුළං කුලුණු 05ක් එම ස්ථානයේ ඇති අතර ඉන් එක් සුළං විදුලි උත්පාදන කුලුනක උස, අඩි 270 කට අධික වන අතර එහි සවිකර ඇති තටුවක් අඩි 129 ක පමණ දිගකින් සමන්විත බව පැවසේ.
මීට පෙර අවස්ථා කිහිපයකදි කල්පිටිය ඉලන්තිඅඩිය, නොරොච්චෝල ආදි ප්‍රදේශවල ස්ථාපිත කර තිබු සුළං උත්පාදක කුලුණු ගිනි ගැනීම මෙන්ම ඒවායේ තටු කඩා වැටීම හේතුවෙන් ද අනතුරු කිහිපයක් වාර්තා වී තිබිණි.

සෙනොක් වින්ඩ් පවර් පුද්ගලික සමාගම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය හා (United Nations Framework Convention on Climate Change (UNFCCC)) ලියාපදිංචි සමාගමක්වීම ද විශේෂිතය.

ඡායාරූප – Accident 1st
  

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved