මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.
මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණ වලට යාම නොවේ යැයි කීය.
ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාව පීඩනයෙන් ඉන්නවා දකින්න කාටවත් කැමැත්තක් නැතැයි ද හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙලකට යා යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.