පුවත්

SIU ලොක්කා රට පනින්න යයි

Published

on

පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර යාම සඳහා ප්‍රබල විදේශීය රටකින් වීසා ලබාගෙන ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

විශේෂ විමර්ශන අංශ අධ්‍යක්ෂවරයා තමන්ට එල්ල වී ඇති තර්ජන හා බලපෑම් නිසා පසුගියදා මෙතෙක් තමන් දැරූ පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ තනතුරින් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවක්ද ලබාගෙන තිබිණි.

කෙසේවෙතත් පවත්නා තත්ත්වය අනුව ඔහු අද හෙටම සියලු තනතුරුවලින් ඉවත්ව විදේශගත වනු ඇති බව ප්‍රබල මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියෙක් පැවසූ බව එම පුවත්පත කියා සිටී.

පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රබල අපරාධ ගණනාවක් ගැන විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු වන වික්‍රමසිංහ මහතා රට හැර යාමට තුඩු දුන් සිදුවීම් සම්බන්ධව ඉදිරියේදී ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවද මේ ගැන දේශයට කරුණු දැක්වූ මානව හිමිකම් සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කළේය.‍

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version