පුවත්

SLBFEයෙන් විශේෂ නිවේදනයක්

Published

on

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) පියවර ගෙන තිබේ.

ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

Trending

Exit mobile version