SLVLOG කියන්නේ ප්‍රජෙක්ට් එකක් බවත්, තමා මංජු ශ්‍රී නිශ්ශංකගේ දේශපාලනයට කැමැති බවත්, ඒ සම්බන්ධ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් ලෙස තමන්ට අදාළ චැනල් පවත්වාගෙනයාමට ලස්සසන ස්ටුඩියෝ එකක් ලැබී ඇතැයි ද SLVLOG හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතා කියයි.
කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
SLVLOG මාධ්‍ය ජාලයේ සම්පූර්ණ හිමිකාරයා තමා බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.