Connect with us

පුවත්

Smart Win අධ්‍යක්ෂක රිමාන්ඩ්

Published

on

ස්මාට් වින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන මංජුල වීරසිංහ නමැත්තා මෙම මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (17) නියෝග කළාය.

ඒ වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනය හරහා පුද්ගලයන් 15,000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 200ට අධික මුදලක් ලබාගෙන වංචාවක් කළ බව පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සෙසු සැකකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසටද අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ, වල්ලපට්ටා වගාව පවත්වාගෙන යන මුවාවෙන් මොවුන් මෙම පිරමීඩාකාර මූල්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 15,000ට අධික පිරිසක් මෙම මූල්‍ය වංචාවට හසුව ඇති බවය.

මහ බැංකුවේ නීත්‍යනුකූල අයිතියක් නොමැතිව සිදුකර ඇති මෙම පිරමීඩාකාර ගනුදෙනුව හරහා මෙම අධ්‍යක්ෂවරුන් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 200ට අධික මුදලක් වංචා කර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ.

කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, ආණමඩුව හලාවත, මොනරාගල, අම්පාර, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙන් ම විදෙස්ගතව රැකියාවල නිරතව සිටින පුද්ගලයන් පිරිසක් ද මෙම වංචාවට හසුව ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබුණි.

එක් වල්ලපට්ටා පැළයක් වෙනුවෙන් රුපියල් 30,000ක මුදලක් මොවුන් එක් තැන්පත්කරුවෙකුගෙන් ලබාගෙන ඇති බවත් ඒ අනුව ඇතැම් තැන්පත්කරුවන් රුපියල් තිස්දහසේ සිට ලක්ෂ 5, 10, 15, 30, 40, 50 වශයෙන් එම නීති විරෝධී ආයතනයට මුදල් ආයෝජනය කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිව තිබේ.

එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධියට සම්බන්ධ තවදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවත් මෙම වංචාවට අදාළව තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවය.

වීරතුංග ආරච්චිගේ ප්‍රීති කොස්තා නමැත්තෙකු ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

සබැඳි පුවත්

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved