Connect with us

පුවත්

ලංකාවේ ලොකුම චීන ආයෝජකයාගේ පුතා හා ලේලි රිමාන්ඩ්!

Published

on

විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසක් සූක්ෂ්මව රවටා සිදු කළ රුපියල් කෝටි 1500 කට ආසන්න මහා පරිමාණ පිරමීඩ වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (13) නියෝග කළේ ය.

‘‘ස්පෝට්ස් චේන්’’ නමැති පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී එයට සම්බන්ධ කර ගන්නා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පවත්වන පුළුල් විමර්ශනයට අදාළව චීන ජාතික යුවළ අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

කොළඹ පිහිටි ප්‍රධාන හෝටල්වල සම්මන්ත්‍රණ කැඳවමින් පිරමීඩ ජාවාරම්කරුවන් විවිධ වෘත්තීන්වල නිරතවන පුද්ගලයන් ඒකරාශී කරමින්, ඔවුන්ගෙන් මෙලෙස මුදල් ලබාගෙන වංචා කර තිබුණි.

මේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී බිලියන 1.4ක් සංසරණය වී ඇති බවත්, මේ මුදල් කෙසේ ගිණුම්වලට ලැබුණේද? යන්න සම්බන්ධයෙන් තවම විමර්ශන පැවැත්වෙන බවත් රජයේ නීතිඥ හම්සා අබේරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ හම්සා අබේරත්න මහතා මේ සිද්ධියේ විමර්ශන තවමත් ප්‍රාථමික අවධියේ පසු වන බවත් ප්‍රධාන සැකකරු වන ශ්‍යාමාල් කිර්තා බණ්ඩාර යන අයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ දුරකතනයෙන් දුන් වට්සප් පණිවිඩයකින් මේ චීන ජාතිකයන් දෙදෙනා සම්බන්ධ කරුණු අනාවරණය වූ බවත් කීය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර නැති බවත්, මෙය වරදක් නොව ඩිජිටල් කරන්සි යටතට අයත් වන කාර්යයක් බවත් මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ ද නීතිගත කිරීමට අවධානය යොමු ව ඇති බව සඳහන් ක‍ළේය.

එසේම ශ්‍රී ලංකාවේ ලොකුම චීන ආයෝජකයාගේ පුතු වන මේ සැකකරු මෙවැනි වරදක් සිදු කර නැති බවද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට පැමිණිලි 70ක් ලැබි ඇති බවත් සිද්ධියට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති බවටත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානීන් හත් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඔවුන්ගේ බැංකු ගිණුම් පහක් අත්හිටුවීමට ද නියෝග කළේය.

මූලාශ්‍රය – දිවයින

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved