Connect with us

පුවත්

SPC එක පසුගිය කාලේ අවුල් ගනුදෙනු 18ක් කරලා; නීතිමය පියවර ඉබිගමනේ

Published

on

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය කාලයේදී ඖෂධ මිලදී ගැනීම්වලදී රජයේ අනුමත ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනු 18කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බවත් ඒවා සම්බන්ධව මේ දක්වා නීතිමය පියවර ගැනීමට අසමත්ව ඇති බවත් විගණන වාර්තාකින් හෙළිව තිබේ.

Becacizab, Amisulpride, Prednisolone eye drop, Tropinine I, Bisoprolol, Calcium Gluconate, Triancinolone Lora Para tab, Prednisolone Tab, Cefotaxime iv, Cefuroxime iv, Furrosemide iv, යන ඖෂධ කාණ්ඩ මිලදී ඉගැනීමේ ක්‍රියාවලදී මේ අන්දමට බරපතළ මුල්‍ය ආක්‍රමිකතා සිදුවී ඇතැයි විගණන පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ප්‍රශ්න සහගත සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම, අධික මිලකට ඖෂධ මිලදී ගැනීම, ලියාපදිංචි නොමැති සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම, රජයේ ‍ප්‍රසම්පාදනයට අදාළ මූල්‍යමය රෙගුලාසි උල්ලංඝනය කිරීම, අසාදු ලේඛනගත කරන සමාගම්වලින් නියමිත අධිභාරයන් අයකර ගැනීමෙන් තොරව ප්‍රසම්පාදනයට යොමුවීම ඇතුළු කරුණු ගණනාවක් මත මෙම අක්‍රමිකතා සිදුවී ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.

මෙම ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනු නිසා රජයට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන ගණනක් බවත් ඒවා අය කර ගැනීමට මේ දක්වා එම සංස්ථාවේ පරිපාලනය අසමත් වීම නිසා දිගින් දිගටම එම වැරදි සිදුව ඇති බවද විගණන පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇත.

මූල්‍යමය වශයෙන් ගනුදෙනු නොකළ යුතු බවට තහවුරු කරන ලද සමාගමකට ටෙන්ඩරයක් ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වෘත්තිය හා සිවිල් සංවිධානද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.

පුවත්

කඳාන වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මරුට (Update)

Published

on

By

කඳානේදී අද (03) සිදුවූ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කරයි.


(පෙර පුවත 2025 ජුලි 03 පෙ.ව.11.02 )

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අතර, එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.

එක් අයෙකු රු. ලක්ෂ 2ක මුදල් ඇපයක් බැගින් හා රු. ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත නිදහස් කෙරුණි.

ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කෙරුණු අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.

Continue Reading

පුවත්

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

Published

on

By

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.


එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.

කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.

මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.

ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.


ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.

එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.


මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved