Connect with us

පුවත්

SPC එක ප්‍රමිතියෙන් තොර ජීවනි පැකට් ලක්ෂ 12ක් හදල විකුණලා

Published

on

ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති රජයට අයත් රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ පානයක් වන ජීවනි පැකට් ලක්ෂ දොළහක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාගෙන ඇති බවට වෘත්තිය සමිති චෝදනා කරයි.

මෙම ජීවනි පැකට් තොගය ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නිකුත් කර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට 2023 /12/29 දින ලිපියක් යොමුකර ඇත.

ඉන්පසු ඊට පිළිතුරු ලියා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශීය ඖෂධ සඳහා (WOR) සහතිකයක් ලබා නොදෙන බවයි.

එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධානත්වයෙන් 2023 /12/21 පැවැති රැස්වීමකදී ගනු ලැබූ තීරණයකට අනුව ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික නොමැති වුවත් මෙම ජිවනි පැකට් තොගය ලබා ගැනීමට හැකියාවක් ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අතිරේක ලේකම්වරයාට දැනුම්දී ඇත.

ඒ අනුව ජීවනි පැකට් දොළාස් ලක්ෂයක් ලබාදී ඇති අතර එහි මුදල රුපියල් මිලියන හැටකි.

ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති කර්මාන්තශාලාවක නිපදවු මෙම ජීවනි තොගය මිලදී ගැනීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම ඖෂධ කර්මාන්තශාලාව ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති බවයි.

එහෙත් ජීවනි ඖෂධයක් ලෙස ලියාපදිංචි කර නොමැති බව ඔහු කීවේය.

මෙම කර්මාන්තශාලාවට තත්ත්ව සහතිකය ලබාගන්නා ලෙස අවස්ථා ගණනාවකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව අවශ්‍ය ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතිකය (GMP) ලබාගැනීමට කටයුතු කරන ලෙස එම කර්මාන්තශාලාව තමන්ට ද දැනුම් දී ඇති බවද සභාපතිවරයා පවසා ඇත.

ඉමියුනොගොබියුලින් දුන්නෙත් GMP නැති කොම්පැණියකින්

මේ අතර, සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මාධ්‍යට පවසා ඇත්තේ හියුමන් ඉමියුනොගොබියුලින් එන්නත ද ලබාගෙන ඇත්තේ ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොගත් සිදුවේ පිහිටි කර්මාන්තශාලාවකින් බවයි.

ජීවනි පැකට් ලක්ෂ දොළහද ලබාගෙන ඇත්තේද එවැනි කර්මාන්තශාලාවකින් බවද ඔහු කියා සිටී.

මෙරට නිෂ්පාදනයන්ට ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකයක් ඉල්ලීම අසාමාන්‍ය තත්ත්වයක් බවත් ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැතිව ඖෂධ ලබා ගැනීමෙන් පිළිඹිඹු වන්නේ මෙරට ඖෂධවල නියාමනයක් නොමැති බවද ඔහු අවධාරණය කර ඇත.

රජයේ ආයතනයක් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධ ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කරන්නේ නම් මෙහි වගකීම ගැන ඇත්තේ ගැටලුසහගත තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම ජීවනි තොගය මිලදී ගැනීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියාමනයක් සිදුකරන ආකාරයට පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දී ඇත.

මෙම ජීවනි තොගය රෝගීන්ට ලබා දී ඇති අතර GMP සහතිකය ලබාදෙන තුරු ඖෂධ නිෂ්පාදනය කිරීමට එපා යැයි කියා නියාමන අධිකාරිය දැනුම් දී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved